* Introduction to FACEBOOK

               2004 වර්ෂයේ අයිතිකාර Mark Zuckerberg ඇතුළුව Eduardo Saverin, Dustin Moskovitz සහ Chris Hughes විසින් Facebook සමාජ මාධය ජාලය ඇමරිකාවේ නිර්මාණය කෙරිණි. සමාගමේ මූලස්ථානය කැලිෆෝනියාවේ මෙන්ලෝ පාර්ක්හි පිහිටා ඇත. ආරම්භක 2004 වර්ෂ අවසානයේ පරිශීලකයින් මිලියනයකට ලගාවිය. 2005 වර්ෂයේ හඳුන්වා දුන් ටැග් කිරීම මත වර්ධනීය තත්ත්වයකට යොමුවිය. මුලින් Harvard සිසුන්ට පමණක් Facebook සීමා වුවද, 2006 වන විට වයස අවුරුදු 13 ට වැඩි ඕනෑම අයෙකු වෙත ව්‍යාප්ත විය. 2007 වර්ෂයේ Facebook සමාජ මාධ්‍ය ජාලයේ ගැටලුකාරි තත්ත්වයක් මත පුද්ගලිකත්වයට ආක්‍රමණය විය. ඒ මත 2010 වර්ෂයේ පාරිභෝගික සමීක්ෂණයක් මත පාරිභෝගික තෘප්තියට පත් සමාගම් වල පහලම 5% තුළට Facebook ඇතුලත් විය. වර්ෂ 2009 වන විට සංවර්ධකයින් Facebook හරහා ඩොලර් මිලියන 500 ක ආදායමක් උපයා ගන්නා අතර, 2011 වර්ෂ අවසානයේ මිලියන 845ක් භාවිතා කරන්නන් සමගින් Facebook ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය විය. 2012 පෙබරවාරි මස පොදු සමාගමක් බවට පත් විය. එමෙන්ම 2021 ඔක්තෝම්බර් මාසයේ Facebook තම මවු සමාගමේ නම Meta Platforms ලෙස වෙනස් කෙරිණි. 2021 වර්ෂයේ බිලියන තුනකට ආසන්න පරිශීලකයින් සිටි අතර, එම සංඛ්‍යාවෙන් හරි අඩක් දිනපතා Facebook භාවිතා කර ඇත. Facebook බාගත කරගත් වාර ගණන දැක්වූ විට එය බිලියන 5ක කට වඩා වැඩි වාර ගණනකි. Facebook සමාජ ජාලයේ වර්ෂ 2022 වන විට ශුද්ධ ලාභය ඩොලර් බිලියන 23.1 කි.

Facebook තුල,

Related Topics and References

  • Google – Vodafone – Netflix – Apple Inc.
  • Amazon.com – Twitter – Microsoft Corporation.
  • Tesla, Inc. – Disney Company – Walmart.

                Facebook සමාජ මාධ්‍ය ජාලයේ හඳුන්වාදීම් තුළ විවිධ සංරචකයන්ගෙන් හෙබි ය. Meta Platforms සමාගමේ කොටසක් වන Facebook දන්නා, නොදන්නා පුද්ගලයන් අතර අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීමට භාවිත කරයි. ඡායාරූප, සංගීතය, වීඩියෝ, අනෙකුත් දත්තයන් ඇතුලත් කරයි. බෙදා ගනියි. එමෙන්ම ප්‍රතිරූපය පිළිබඳව ද පෙන්නුම් කරනු ලබයි. Facebook ලෝකයේ හඳුනාගත හැකි වඩාත් ජනප්‍රිය වෙළඳ නාමයකි. Facebook යනු තාක්ෂණය මුල්කරගත් අතීත්‍ය ලෝකය මත දැඩි විශ්වාසයක් ලබාදෙනු ලබන පහසුවෙන් ප්‍රකාශ කළ හැකි මාධ්‍ය ජාලයකි. එමෙන්ම ගිණුම පෞද්ගලීකරණය කළහැකි වීම, සන්නිවේදන ක්ෂණික හා පහසු බව, සෘජු සන්නිවේදනය වැනි සාධක මත ජනප්‍රියත්වය, ග්‍රාහක ආකර්ෂණය Facebook වෙත පවතිනු ලබයි. Facebook පුළුල්ව ගත් කල ව්‍යාපාර ක්ෂේත්‍රයට, දේශපාලන ක්ෂේත්‍රයට, රාජ්‍ය ක්‍රියාවලියට, විරෝධතාවලට භාවිතයට ගනී.

Ex= කොලොම්බියාවේ රාජ්‍ය විරෝධී FARC ගරිල්ලා කැරැල්ලට එරෙහිව විශාල පිරිස්, විරෝධතා රැලි කිරීමට භාවිතා කර ඇත.

              Facebook සමාජ මාධ්‍ය ජාලය ජනප්‍රියව පැවතිය ද පරිශීලකයින් හට විවිධ අවස්ථා සමග අවදානම් පවතී. ගිණුම පෞද්ගලිකව තබා නොගන්නා තෙක් ඕනෑම අයෙකුට පෞද්ගලික තොරතුරු නැරඹිය හැකිය. ඒ තුල සමාජ ජාල විලෝපිකයින් මෙන්ම සයිබර් හිරිහැර කිරීම් ද එය මත වූ අවදානම්ය. වැඩි පරිශීලකයින් හට පෞද්ගලිකව නොගැලපෙන විවිධ වූ අන්තරගතයන් අඩංගු විය හැකිය. අයර්ලන්තයේ ඒ හේතුවෙන් වයස අවුරුදු 16 ට අඩු ලමයින්ට Facebook පිවිසීමට ඉඩ සලසා නැත. Facebook සමාජ මාධ්‍ය ජාලය පිළිබඳ හඳුන්වාදීමේ අන්තර්ගතයට අමතරව ආරක්ෂිත බව පිළිබඳ විස්තර උදෙසා Facebook Safety Center වෙත පිවිසිය හැකිය.

1 Comments

Post a Comment

Previous Post Next Post