* Introduction to WHATSAPP

  


                     Whatsapp යෙදුම Yahoo හි හිටපු සේවකයන් විසින් 2009 වර්ෂයේ නිර්මාණය කර ආරම්භ කරන ලදී. 2014 වර්ෂයේ දී Whatsapp යෙදුම Facebook විසින් අත්පත් කරගනී. එය Meta ලෙස හදුන්වයි. 2017 ජූලි මාසය වන විට පරිශීලකයින්ගේ සංඛ්‍යාව බිලියනයක සීමාවට ළඟා විය. Whatsapp වර්ෂ 2021 දී ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන පරිශීලකයින් තුල ප්‍රමුඛ සන්නිවේදන නාලිකාව විය. Whatsapp යෙදුම හා සම්බන්ධව පවතින Whatsapp Business යෙදුම තුළින් කුඩා ව්‍යාපාරවල අවශ්‍යතා සපුරනු ලබයි. Whatsapp Business යෙදුම තුළින් 2022 වර්ෂයේ දී ඩොලර් මිලියන 906 ක ආදායමක් උපයා ඇත. Whatsapp සමාජ මාධ්‍ය ජාලය Facebook සමාජ මාධ්‍ය ජාලයේ සමස්ත ආදායමෙන් ඉතා කුඩා කොටසකි. 2021 වර්ෂයේ දී එම ආදායම ඩොලර් බිලියන 790 ක් ලෙස පැවතුණි. එමෙන්ම 2022 පෙබරවාරි මස දී මාසික සක්‍රීය පරිශීලකයින් බිලියන දෙකකට ළඟා වී ඇත.
                      කුමක් ද යන්න පිළිබඳ අදහස් දැක්වීමේ දී Whatsapp සමාජ ජාල මාධ්‍ය යනු ස්මාර්ට් ජංගම දුරකථන සඳහා ක්ෂණික වූ පණිවුඩ යැවීමේ යෙදුමකි. ඒ තුළ පින්තූර, වීඩියෝ, ශ්‍රව්‍ය පටිගත කිරීම්, ලේඛන, ස්ථාන, සම්බන්ධතා, GIFs Stiker, වැඩි පිරිසක් සමග එකවර හඬ සහ වීඩියෝ ඇමතුම් ආදිය සන්නිවේදනය කළ හැකිය. කණ්ඩායම් කතාබස්, හඬ පණිවුඩ, ස්ථාන, සහ බෙදා ගැනීම් වැනි විශේෂාංග නිසා Whatsapp යෙදුම යෞවනයන් අතර ඉතාමත් ජනප්‍රිය තත්ත්වයක පවතිනු ලබයි. ඒ සඳහා මූලිකව ම Sim Card පතක් මෙන්ම, ස්මාර්ට් ජංගම දුරකතනක් හෝ Tab එකක්, සහ අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය වේ. කෙටි පණිවුඩ සේවාවට සමාන නමුත් අන්තර්ජාලය භාවිතය තුළින් පණිවිඩ හුවමාරුව මත පිරිවැය අඩුය. ඒ තුලින් ජාත්‍යන්තර ගාස්තුවලින් තොරව විදේශයන්හි පුද්ගලයින්, ආයතන සමඟ ද සම්බන්ධතා අඛණ්ඩ ව පවත්වාගෙන යා හැකිය. වැරදි සම්බන්ධතාවයක් උදෙසා යැවූ පණිවිඩයක් හෝ පණිවිඩයේ වැරදි භාවයක් මත පණිවුඩ සම්පූර්ණ ලෙස මකා දැමීමේ හැකියාව Whatsapp යෙදුම තුළ පවතිනු ලබයි. Whatsapp සමාජ මාධ්‍ය ජාලය තුළ කණ්ඩායම්
ගොඩනඟා ගත හැකි බැවින් අවශ්‍ය තොරතුරු අවශ්‍ය ඉලක්ක පිරිස් වෙත ලබා දීමට හා ප්‍රතිචාර දැක්වීමට හැකියාව පවතිනු ලබයි. සාධකයන්ගේ විශ්ලේෂණය මත ආරක්ෂිත බව සමග වූ ක්ෂණික බව Whatsapp සමාජ මාධ්‍ය ජාලය තුළ සාර්ථක ලෙස පවතිනු ලබයි. ඒ හේතුවෙන් පරිශීලකයින් හට ඔවුන් සිටින ස්ථානය වුවද තථ්‍ය කාලීනව බෙදා ගැනීමට ඉඩ පවතී. Laptop පරිගණකයක් තුලින් තම Whatsapp ගිණුමට යාමට අවශ්‍ය වූ විට Whatsapp Web හරහා තම ස්මාර්ට් ජංගම දුරකථනය Laptop පරිගණකයේ ඇති QR කේතය මඟින් අනුමත කරගෙන පිවිසීමට හැකිය. එකවර උපාංගයන් කිහිපයකින් වුව ද සම්බන්ධ වීමට හැකිය. මෙම අන්තර්ගතයන්ට අමතරව Whatsapp සමාජ මාධ්‍ය ජාලය සඳහා වූ නියමයන් හා කොන්දේසි පවතිනු ලබයි. එයට අනුව යුරෝපය තුළ Whatsapp සේවාව භාවිත කිරීම උදෙසා වයස අවුරුදු 16 ක් විය යුතු බව දක්වා නිෂ්චිත කර ඇත.

1 Comments

Post a Comment

Previous Post Next Post