* Introduction to YOU TUBE

 

                                            ඇමරිකාවේ ඊ-වාණිජ්‍ය සමාගමක් වන Paypal හි හිටපු සේවකයින් තිදෙනෙකු වන Steve Chen, Chard Hurley සහ Jawed Karim යන තිදෙනා 2005 පෙබරවාරි 14 වන දින You Tube ලියාපදිංචි කර ඇත. සමාගමේ මූලස්ථානය ඇමරිකාවේ කැලිෆෝනියාවේ සැන් බෲනෝ හි පිහිටා ඇත. 2005 දෙසැම්බර් 15 වන දින You Tube නිල වශයෙන් දියත් කර ඇත. මෙහිදී දිනකට වීඩියෝ නැරබීම් මිලියන දෙකකට වඩා ලබා ඇත. ඒ මත 2006 මාර්තු මාසය තුළ වීඩියෝ මිලියන 25 ක් ඉක්මවා ඇත. දිනකට වීඩියෝ 20000 වඩා උඩුගත කිරීමද ක්‍රියාකාරීව පැවතුණි. පසුව 2006 ගිම්හානය වන විට එහි වීඩියෝ මිලියන 100 කට වැඩියෙන් සේවය සපයා ඇත. You Tube හි ගමනාගමනයේ දැවැන්ත වර්ධනය හේතුවෙන් You Tube තුළට උඩුගත කරනු ලැබූ ඇතැම් වීඩියෝවල ප්‍රකාශන හිමිකම් පිළිබඳ ගැටලු පැන නැගිණි. පසුව 2006 නොවැම්බර් මාසයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.65 කට You Tubeමිලදී ගැනීම සඳහා Google සමාගම පෙළඹී ඇත. You Tube වීඩියෝවල ප්‍රකාශන හිමිකම සම්බන්ධයෙන් නිසි අයිතිය ඒ මත ලැබී ඇත. 1968 ජුලි 5 වන දින ඇමරිකාවේ කැලිෆෝනියාවේ Santa Clara හි උපත ලබා ඇති Susan Diane Wojcicki 2014 දී You Tube හි ප්‍රධාන විධායක නිලධාරිනිය විය. ඇය පෙර You Tube හි මව් සමාගම වන Google Inc හි අලෙවිකරණ භාර ජ්‍යෙෂ්ඨ උප සභාපතිනිය විය. You Tube 2021 වර්ෂයේ දී ඩොලර් බිලියන 28.8 ක ආදායමක් උපයා ඇත. එය ප්‍රතිශතාත්මකව වසරින් වසර 46% ක වැඩිවීමකි. බිලියන 2.5 කට අධික පරිශීලකයින් පිරිසක් මසකට වරක් You Tube වෙත පිවිසෙනු ලබයි.

                  You Tube යන්න වීඩියෝ බෙදාගැනීම සඳහා වූ ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන අතර නිෂ්පාදනයට මූලික පරමාර්ථය වූයේ, සාමාන්‍ය ජනතාව නිවසේ වීඩියෝ බෙදා ගැනීමෙන් සතුටක් ලබනු ඇතැයි යන අදහසයි. ප්‍රධාන අදහස ලෙස You Tube යනු කුමක්දැයි දැක්වීමේදී, ලියාපදිංචි පරිශීලකයින්ට අන්තර්ජාලය හරහා වීඩියෝ බෙදාගැනීමට සහ උඩුගත කිරීමට ඉඩ සලසන ජනප්‍රිය වූ නොමිලේ වීඩියෝ බෙදාගැනීමේ වෙබ් අඩවියකි. You Tube තුල පවතින වීඩියෝ නැරඹීමට ලියාපදිංචිය අවශ්‍ය නොවේ. වීඩියෝ ප්‍රදර්ශනයට WebM තාක්ෂණය Adobe Flash වීඩියෝ භාවිතා කරයි. වීඩියෝ ක්ලිප්, TV කැපුම්, සංගීත වීඩියෝ, චිත්‍රපට ට්‍රේලර්, වීඩියෝ බ්ලොග්, අධ්‍යාපනික වීඩියෝ වැනි අන්තරගතයන්ගෙන් යුක්තය.

You Tube සමාජ මාධ්‍ය ජාලය තුල වර්තමානයේ ලොව ප්‍රධාන පෙළේ පවතින You Tube Channel මෙසේය.

       RANK                                 CHANNEL                                   MILLION SUB.

       * 1                                        * T-Series                                      * 235

       * 2                                        * Cocomelon                                * 153

       * 3                                        * SET India                                 * 151

       * 4                                        * MrBeast                                    * 132

 2022 වර්ෂය වන විට වැඩිම ආදායම උපයා ඇති You Tube නාලිකාව ලෙ MrBeast නාලිකාව හදුනා ගතහැකි ය.


Post a Comment

Previous Post Next Post