* Introduction to INSTAGRAM

                            Instagram යනු 2010 දී Stanford විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන් වන Kevin Systrom සහ Mike Krieger විසින් ආරම්භ කරන ලද තවත් එක් ප්‍රධාන පෙලේ සමාජ ජාල මාධ්‍යකි. Facebook නම් සමාජ ජාල දැවැන්තයා 2012 දී සමාගම අත්පත් කර ගැණිනි. 2018 ජූලි මාසයේ ‘Instagram ප්‍රශ්ණ’ හඳුන්වා දෙන ලද්දක් වන අතර එය බලපෑම් කරන්නන් අතර ජනප්‍රිය ලක්ෂණයකි. එමෙන් ම Instagram විසින් හඳුන්වා දෙන ලද ‘Take a Break’ විශේෂාංගය ඔස්සේ Instagram පරිශීලකයාට තාවකාලිකව විවේකයක් ගැනීමට ද හැකියාව පවතිනු ලබන සුවිශේෂී සමාජ ජාලයකි. 2022 වර්ෂයේ දී ඩොලර් මිලියන 51.4 ක ආදායමක් උපයා Instagram සමාජ ජාල මාධ්‍යට හැකි විය. ඒ සඳහා මෑත කාලීන Covid-19 වසංගතය, වැඩි පරිශීලකයින් මෙන් ම විවිධ වෙළඳ නාම හේතුවෙන් එම වසර දෙක තුල එම ආදායම් ඉලක්කයට ලගා වීමට Intagram යෙදුමට හැකි විය. Instagram හි තවත් එක් කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස 2022 මැයි වන විට අනුගාමිකයින් මිලියන 504.37 ක් විය. 

                         Instagram I Phone මෙන් ම Android දුරකතන වෙත නොමිලේ බාගත කල හැකි ඡායාරූප හා වීඩියෝ බෙදා ගැනීමේ සහ තෝරාගත් මිතුරන් පිරිසක් සම්බන්ධිත යෙදුමකි. එහි දී Instagram ගිණුමට උඩුගත කරණු ලබන ඡායාරූප, වීඩියෝ මිතුරන් හෝ ඔවුන්ගේ අනුගාමිකයින් සමඟ බෙදා ගත හැකි අතර එම පලකිරීම් බැලීමට, අදහස් දැක්වීමට හා කැමැත්ත පල කිරීමට හැකිය. Instagram තුල ජනප්‍රිය පරිශීලක පදනම සම්පූර්ණයෙන් ම රූප සහ වීඩියෝ බෙදා ගැනීම වටා ගොඩනැගී ඇත. එමෙන් ම පෞද්ගලික පණිවිඩ යැවීමට සජීවීකරණයට, ප්‍රසිද්ධ පුද්ගලයින් මෙන් ම වෙලඳනාම සමඟ සම්බන්ධ විය හැකිය. ඒ ඔස්සේ Instagram යන්න අසමසම ප්‍රවේශයක් සහිත අත්‍යවශ්‍ය අලෙවිකරණ මෙවලමක් ලෙස හඳුනා ගත හැකිය. ක්‍රියාකාරීත්වය මූලික වශයෙන් පරිශීලකයා හට භාර වන අතර Instagram එකවර පලකිරීම් උදෙසා ඡායාරූප සහ වීඩියෝ 10 ක් දක්වා ඉඩ සකස් කර පවතිනවා මෙන්ම අවශ්‍ය සෑම අවස්ථාවකම කරුණු වෙනස් කල හැකිය. Instagram සඳහා ම ආවේණික සුවිශේෂී ලක්ෂණයක් ලෙස පලකිරීම් තුල ආකර්ෂණීය ලෙස විවිධ විවිධ වර්ණ සංස්කරණයන්ට ලක්කර පල කල හැකිය. සෘජු අලෙවිකරණ පද්ධතියක් පැවතීම මත පරිශීලකයා අනුගමනය කරන ඕනෑම පුද්ගලයෙකු සමඟ පුද්ගලිකව කතා කිරීමට ද ඉඩකඩ පවතිනු ලබයි. ඊට අමතරව නිර්මාණාත්මක බව දිරිමත් කිරීම, විනෝදාත්මක අත්දැකීම් කියා පෑමට හැකි වීම, හොඳ හිත වර්ධනයට, නව ව්‍යාපාර ප්‍රවෘත්ති පිලිබඳ යාවත්කාලීනව සිටීමට ද හැකි වීම දක්නට ලැබෙයි. Instagram සමාජ ජාල භාවිතයට ද විවිධ රටවල් තුල වයස් සීමාවන් තුල කොන්දේසි පවතිනු ලබයි. එහි දී අයර්ලන්තයේ ඩිජිටල් වයස අවුරුදු 16 කි. නමුත් Instagram ගිණුමක් සාදන්නේ නම් අවම වශයෙන් අවුරුදු 13 ක් විය යුතු බව එරටෙහි දක්වයි.

                       Instagram ගිණුමක් සෑදීමට නම් එහි ක්‍රියාවලිය සිදුවනු ලබන්නේ ඊමේල් ලිපිනයක් ලියාපදිංචියෙන් හෝ පරිශීලක නාමයක් තේරීමෙන් පසු වයස අවුරුදු 13 හෝ ඊට වැඩි ඕනෑම අයෙකුට ලබා දෙන උපදෙස් මත සෑදිය හැකිය. Instagram ගිණුම ඉවත් කිරීමට නම් මුරපදය, පරිශීලක නාමය සහ අදාළ උපදෙස් පිලිපැදීම අත්‍යවශ්‍ය වේ. මුරපදය සහ පරිශීලක නාමය දෙකම අමතක වූ විට විකල්ප මාර්ග Instagram යෙදුමෙහි පවතිනු ලබයි.

2 Comments

Post a Comment

Previous Post Next Post