* Introduction to FACEBOOK MESSENGER

 

                           2011 වර්ෂයේ දී Messenger මුලින් දියත් කළ ද 2014 දී එහි සාර්ථකත්වය වෙබ් අඩවියක් සහ යෙදුමක් ලෙස නිපදවිය. 2015 අප්‍රේල් මාසයේ දී Facebook විසින් Messenger සඳහා වෙබ් අඩවි අතුරු මුහුණතක් ද දියත් කරන ලදී. එම වර්ෂයේ ම ජූලි 13 වන දින Tizen යෙදුම ද නිකුත් කරන ලදී. පසුව 2016 අප්‍රේල් වන විට Facebook Messenger හි ලොව පුරා මිලියන 900 කට අධික පරිශීලකයින් සංඛ්‍යාවකින් යුක්ත විය. ඒ තුළ මූලික සාධකය ලෙස දැක්විය හැකි වනුයේ Messenger යනු Meta Flatforms විසින් වැඩි දියුණු කරන ලද අංගයක් වීමයි. එමෙන්ම 2016 අප්‍රේල් මාසයේ දී Facebook Windows 10 සඳහා දියත් කෙරිණි. ඊට පසුව Messenger Lite හඳුන්වා දෙනු ලැබුවේ අධිවේගී අන්තර්ජාලය ලබාගත නොහැකි වූ පිරිස් වෙත සේවාවක් ලෙසයි. 2017 වර්ෂයේ අප්‍රේල් මාසය තුළ Messenger Lite තවත් රටවල් 132 ක් පුරා ව්‍යාප්ත විය. 2017 වර්ෂයේ ම දෙසැම්බර් මාසයේ Facebook සමාජ මාධ්‍ය ජාලය විසින් වයස අවුරුදු 13 ට අඩු අය ඉලක්ක කර Messenger Kids යනුවෙන් නව යෙදුමක් සමාජගත කළේ ය. 2011 සිට 2019 දක්වා වූ දශකයේ වැඩිපුර බාගත කර ඇති දෙවැනි ජංගම යෙදුම ලෙස Messenger පත් විය. ජංගම දුරකථනයක අංකයක් මගින් පමණක් Messenger වෙත යොමුවීමට ඇති ඉඩකඩ අහිමිකර ඒ සඳහා Facebook ගිණුමක අවශ්‍යතාවය 2019 දෙසැම්බර් මස අනිවාර්ය කර ඇත. 2021 වර්ෂයේ ජනවාරි තුළ Facebook Messenger සමාජ ජාල මාධ්‍ය බිලියනයකට වඩා සක්‍රීය පරිශීලකයින් සමඟ ලොව පුරා වඩාත් ම ජනප්‍රිය සමාජ ජාල අතර එකක් විය. නමුත් 2023 වර්ෂයේ S. ඩික්සන් විසින් ප්‍රකාශ කරන ලද්දේ 2022 දී Facebook Messenger හි ආදායමේ දැඩි අඩුවීමක් පෙර වසරවලට සාපේක්ෂව 31% වැඩිවීමක් ලෙසය.

                         Facebook Messenger හි ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමේ දී එය Facebook තුළ ගොඩනඟා ඇති ක්ෂණික වූ පණිවිඩකරණ විශේෂාංගයක් වේ. යෙදුම මෙන්ම වෙබ් අඩවිය Facebook දත්ත ගබඩාවට සම්බන්ධ වූ ක්ෂණික පණිවිඩ සේවාවකි. එමෙන් ම Facebook ගිණුම් පරිශීලකයකුට App Store හෝ Google Play හරහා Messenger බාගත කිරීමට ද Messenger.com වෙත පිවිස ඉදිරියට යාමට ද හැකිය. Messenger සමාජ ජාලය භාවිත කිරීමේ දී Facebook පරිශීලකයින් හට එකිනෙකා හා සම්බන්ධව ක්ෂණික පණිවුඩ, ඡායාරූප, වීඩියෝ, සේවාවන් හුවමාරු සඳහා පහසුකම් ද එමෙන්ම චලනය වන ගොනු යැවීමට [GIF] සන්නිවේදන පහසුකම පවතිනු ලබයි. Messenger මෑත කාලීන යාවත්කාලීන කිරීම තුළ Facebook Messenger සිටින මිතුරන් හට මුදල් යැවීමට Facebook Bots ආධාරයෙන් කාලගුණය, නිෂ්පාදන ඇණවුම් ලබා ගැනීම, පරිශීලකයෙකුට ක්‍රීඩා ලකුණු, කාලගුණ දත්ත පරීක්ෂාවට, මිලදී ගැනීමකට, චිත්‍රපට ටිකට් පතක් ලබා ගැනීමට මෙන්ම ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමට ද පහසුව සලසා ඇත. Messenger සම්බන්ධතා ලැයිස්තුවට ඉක්මනින් අන් අය එක් කරගැනීමට QR කේතය භාවිතා කළහැකි අතර Messenger යෙදුම Covid-19 වසංගත හමුවේ, Jonathan Donnellan, Hande Gunel, Melek Didem Beyazoglu ඉගැන්වීම් මෙවලමක් ලෙස පන්ති කාමරය තුළ ද භාවිතයට ගෙන ඇත.

Post a Comment

Previous Post Next Post