* Introduction to WeChat

  

                           2011 වර්ෂයේ දී දියත් කරන ලද සහ චීනයේ තාක්ෂණික දැවැන්තයෙකු වන Tencent සතුවන වත්කමක් ලෙස WeChat හඳුනා ගත හැකිය. මෙය පුද්ගලික සමාගමකි. චීනය තුල Facebook වැනි සමාජ ජාලා මාධ්‍යයන් තහනම් කර ඇති හෙයින් WeChat පණිවුඩ යැවීමේ යෙදුමක සිට පසුව අද්විතීය සමාජ මාධ්‍යයක් බවට පත්ව ඇති අතර මිලියන 800 කට වඩා මාසික ක්‍රියාශීලී පරිශ්‍රීලකයින් සිටිනු ලබයි. ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය පණිවුඩ යෙදුම්වලින් එකක් වන WeChat Whatsapp යෙදුමට ඇතැම් සමානකම් පවතී. චීනයට ආවේණික වූ මෙම WeChat යෙදුම ඉන්දියාව සහ චීනය අතර දේශසීමා ආරවුල පාදකව ඉන්දියාව තුල 2020 ජූනි මාසයේ බාගත කිරීමට නොහැකි වන ලෙස තහනම් කරන ලදී. 2022 තුන්වන කාර්තුවේ චීනයේ ප්‍රතිචාර දැක්වූ අයගෙන් 81.6% පමණ WeChat භාවිත කල අය වේ. චිනය තුල විශාලතම සමාජ මාධ්‍ය WeChat වේ. 2022 වන විට ලොව පුරා WeChat භාවිත කරන්නන් බිලියන 1.3 වඩා සිටි බව කාර්තුමය වශයෙන් 3.6% ක වර්ධයක් මත දක්වයි. WeChat හි 2022 දී ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 68.8 දක්වා ගණනය කිරීම් තුල පවතී. 

                        WeChat යෙදුම චීනයට පාදක වුව ද ඕනෑම රටක අයෙකුට එය නොමිලේ බාගත කරගත හැකිය. නමුත් WeChat ගිණුම සාදා ලියාපදිංචි වීම තරමක් සංකීර්ණ වූ ස්වභාවයක් ගනී. එනම් එහි දී WeChat ගිණුමක් සඳහා ලියාපදිංචි වීමට ලියාපදිංචි වී සිටින පරිශීලකයෙකුට ඔබගේ ඔබගේ දුරකතනයේ QR කේතයක් Scan කිරීමට අවශ්‍ය වේ. WeChat යෙදුම Sim කාඩ්පතට සම්බන්ධ නොවේ. එහෙයින් WeChat පරිශීලකයෙකු මගින් තහවුරු කරගත යුතු අතර WeChat දුරකතන අංකය දැන ගත හැකි වනුයේ WeChat පරිශීලකයෙකු මිතුරු කරගනු ලබන විටය. එයට අමතරව ප්‍රචාරණය නොකරනු ලබයි. ‘Moments’ ලෙස හඳුන්වන කතන්දර වැනි විශේෂාංග පල කිරීමට මෙන් ම එකිනෙකා සමඟ කුඩා ක්‍රීඩා කිරීමට ද WeChat තුල අවස්ථාව පවතිනු ලබයි. Whatsapp යෙදුම සඳහා සමාන ලෙස දැක්වූව ද WeChat යෙදුම හරහා මාර්ගගත ගෙවීම්, කුලී රථ වෙන් කරවා ගැනීම් වැනි අමතර සේවාවන් මත ද විවිධ භාෂා 20 ක් පරිවර්තනය කරනු ලබන විශේෂාංගයකින් ද යුක්ත ය. ඒ මත වෙනස්කම් පවතිනු ලබයි. WeChat Out නමැති විශේෂාංගය තුලින් අඩු මුදලකට ජ්‍යාත්‍යන්තර ස්ථාවර දුරකතන ඇමතීමට ද හැකියාව පවතිනු ලබයි. WeChat සමාජ ජාල මාධ්‍ය චීනය තුල ව්‍යාපාර උදෙසා වඩාත් වැදගත්කමක් නියෝජනය කරනු ලබයි.

                        WeChat සම්බන්ධව පැන නැගී ඇති ප්‍රධානත ගැටලුව වනුයේ පෞද්ගලිකත්වය ආක්‍රමණයට ඇති හැකියාවයි. එනම්, ආරක්ෂිත බවින් දුර්වල සමාජ ජාල මාධ්‍ය යෙදවුමකි. එහි දී ඇතැම් මාතෘකා සක්‍රීයව වාරණය කර ඇත. Tencent පරිශීලක දත්ත චීන රජය සමඟ බෙදා ගැනීමට ද ලක් කරයි. එමෙන් ම යෙදුමට සංකේතයක් නොමැති වීම මත පුද්ගලික පණිවුඩ උදෙසා තෙවන පාර්ශව හට බාධා කිරීමට හැකියාව පවතිනු ලබයි. ඒ මත පෞද්ගලිකත්වය පිලිබඳ නිශ්චිතතාවයක් නොමැත. චීනයට කේන්ද්‍රිය වූ හෙයින් විදේශීය වෙලඳපලවල අවශ්‍යතාවලට අනුවර්තනය වීමට අපොහොසත් වීම මත WeChat ජනප්‍රිය බවින් අඩුය. චීනය තුල සෑම ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලකයෙකුට ම WeChat ගිණුමක් ඇති බැවින් මෑත වසරවල දී යෙදුමේ පරිශීලක වර්ධනය මන්දගාමී ස්වරූපයක පවතිනු ලබයි.

Post a Comment

Previous Post Next Post