* Introduction to TIK TOK

 

                                Tik Tok යනු ඕනෑම මාතෘකාවක් මත කෙටි ආකෘති වීඩියෝ නිර්මාණය කිරීමට සහ බෙදා ගැනීමට පරිශීලකයින්ට ඉඩ සලසන විඩියෝ බෙදා ගැනීමේ යෙදුමකි. Tik Tok වීමට පෙර එය Musical.ly ලෙස හැඳින්වීය. 2018 දී Byte Dance විසින් අත්පත් කර ගත්හ. එමගින් Tik Tok ලෙස නම වෙනස් කල අතර එතැන් සිට ජනප්‍රියත්වය මත පරිශීලක සංඛ්‍යාව වර්ධනය විය. චීන වෙලඳපල තුල Tik Tok යෙදුම ජනප්‍රිය යෙදුම්වලින් එකක් වන Douyin නමින් වෙනම යෙදුමක් ලෙස ක්‍රියා කරයි. එහි දී චීනය තුල Tik Tok යෙදුමට අදාලව වෙනම පරිශීලක සංඛ්‍යාවක් පවත්වාගෙන යනු ලබයි. 2018 දී මෙම යෙදුම ප්‍රථම වරට හදුන්වා දෙන විට මාසිකව ක්‍රියාකාරී පරිශීලකයින් මිලියන 133 ක් පමණ සිට ඇත. නව Tik Tok සංඛ්‍යා ලේඛනයන්ට අනුව, මෙම යෙදුම බිලියන 3 න් වරක් ස්ථාපනය කර ඇත. 2018 ඔක්තෝම්බර් වන විට App Store හි ඡායාරූප සහ වීඩියෝ කාණ්ඩයේ වැඩිපුරම බාගත කල යෙදුම ලෙෂ Tik Tok පත් විය. වර්ෂ 2021 දී Tik Tok වීඩියෝ කාලය මිනිත්තු 3 දක්වා දීර්ඝ කර ඇත. එමෙන් ම 2022 දී Tik Tok විනාඩි 10 ක් දක්වා වූ වීඩියෝ උඩුගත කිරීමේ හැකියාව යොදවා ඇත. 2022 Tik Tok මාසික සක්‍රීය පරිශීලකයින් බිලියනය ඉක්මවා යෑම මත එය විශාලතම සමාජ මාධ්‍ය ජාලය බවට පත් විය. ඒ තුල පරිශීලකයින් වීඩියෝ මිලියන 37.7 කට වඩා නිර්මාණය කර ඇත. Tik Tok සමාජ මාධ්‍ය ජාලයේ ආදායම සංඛ්‍යා ලේඛනයන්ට අනුව 2022 දී දැන්වීම්වලින් Tik Tok හි වාර්ෂික ආදායම ඩොලර් බිලියන 11.04 ක් ලෙස ලියාපදිංචි වී පවතී. එය වාර්ෂිකව 200% ක විශාල වැඩි වීමකි. නැතහොත් 2022 දී Tik Tok යෙදුමෙහි වාර්ෂික ආදායම 2021 ට වඩා තුන් ගුණයකින් වැඩි වී ඇත.

                              Tik Tok සමාජ මාධ්‍ය ජාල පරිශීලකයින් හට විවිධ පෙරහන්, ස්ටිකර්, හඬපට, ශබ්ද ප්‍රයෝග සහ පසුබිම් සංගීතය වැනි අංගයන් නිර්මාණයන්ට නිර්මාණශීලීව යොදා ගැනීමට හැකියාව ඇත. එහි දී වෙබ් ගිණුම තුලින් Tik Tok නැරඹිය හැකි වුවත් ප්‍රධාන වශයෙන් ජංගම දුරකතනය මත පදනම වේ. Tik Tok හි වඩාත් ජනප්‍රියම වීඩියෝ වර්ගයන් ලෙස විනෝදාස්වාදය මෙන් ම නර්තනය පාදක වූ වීඩියෝ ගත හැකි අතර Duet සහ Stitch විශේෂාංග මගින් පරිශීලකයන්ට පහසුවෙන් එකිනෙකා සමඟ සහයෝගයෙන් වීඩියෝ නිර්මාණය කිරීමට හැකිය. එමෙන් ම Tik Tok මාසික සක්‍රීය පරිශීලකයින් සංඛ්‍යාව බිලියනය ඉක්මවා ඇති බැවින්, ප්‍රමුඛ සමාජ ජාල මාධ්‍යයක් ලෙස Instagram සමඟ ඉක්මනින් සම්බන්ධ වේ. ජී.ටී. ෆැලන් වැනි ප්‍රසිද්ධ පුද්ගලයින් Tik Tok භාවිතයට ගැනීම, කෙටි ආකෘතිය නිසා වීඩියෝ නිර්මාණයට හෝ නැරබීමට වැඩි කාලයක් අවශ්‍ය නොවීම ද Tik Tok තුලට දෛනික චර්යාවන් පහසුවෙන් පටිගත කරගත හැකි වීම ද, සමාජ ජාල මාධ්‍ය තුල ගීත නැටුම් ඇතුලත් වීම තුලින් ඒ සඳහා වැඩි පරිශීලක ආකර්ෂණයක් පැවතීම ද Tik Tok සමාජ ජාලය ජනප්‍රියත්වයට බලපා ඇති කරුණු ය.

                              Tik Tok සමාජ ජාල මාධ්‍ය කුඩා ව්‍යාපාරවල සිට විශාල ව්‍යාපාර දක්වා වූ ව්‍යාපාරවල සන්නාම ප්‍රවර්ධනය කිරීම උදෙසා බහුලව භාවිතයට ගනු ලබයි. Tik Tok සමාජ ජාල මාධ්‍ය තුල විශේෂාංග කිහිපයක් පවතියි. ඒ තුල,

  • Video Recording and Uploading
  • Video Editing
  • Filters and Effects
  • Tik Tok Sounds
  • Voiceover
  • Live Video Streaming
  • Duet
  • Stitch
  • Video Reply    ඇතුලත් වේ.

                              නව විශේෂාංග හේතුවෙන් පරිශීලක සංඛ්‍යාවේ වර්ධනයත් සමඟ සමාජ මාධ්‍ය තුල ආධිපත්‍ය දරන අනෙකුත් සමාජ මාධ්‍ය ජාලයන් අභිබවා Tik Tok යෙදවුම අනාගතය තුල ඉදිරියටම යා හැකිය.

Post a Comment

Previous Post Next Post